කේරලයෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන BA.2.86 හි උපප්‍රභේදයක් ලෙස සැලකෙන JN.1 කොවිඩ් වෛරසය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා.

මෙම වෛරසය ආසාදනය වුණු රෝගීන් වාර්තා වී ඇති නමුත් ඔවුන් කිසිවෙක් දරුණු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බවයි India SARS-CoV-2 Genomics Consortium (INSACOG) සඳහන් කර ඇත්තේ.

ජාතික ඉන්දීය වෛද්‍ය සංගමයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සම සභාපති රජීව් ජයදේවන් පවසන්නේ සමස්තයක් ලෙස ගත් කළ මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

JN.1 කොවිඩ් වෛරසය පළමු වරට 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාවෙන් හමු වී තිබෙනවා.

එය බටහිර රටවල් කිහිපයකම මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.