ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මෙලෙස මරා දමා ඇත්තේ 28 හැවිරිදි Yotam Haim, 22 හැවිරිදි Samer Talalka සහ 26 හැවිරිදි Alon Shamriz යන පිරිමි පුද්ගලයන් තිදෙනෙක් වනවා.
උතුරු ගාසා තීරයේ ෂෙජායියාහි ක්‍රියාත්මක වූ මෙහෙයුමක් අතරතුරදී ඊශ්‍රායල හමුදාව විසින් මෙම තිදෙනාට වෙඩි තබා තිබෙනවා.
ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඔවුන් පැහැර ගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන් 100ක් පමණ ගාසා තීරයේ සිටින බවයි සඳහන් වෙන්නේ.
මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් දැඩි කනගාටුව ප්‍රකාශ කරන බවයි ඊශ්‍රායල හමුදා පවසන්නේ.
කෙසේවෙතත් ඊශ්‍රායල හමුදාවේ මෙම ක්‍රියාව ඊශ්‍රායල ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති අතර ඔවුන් ඊශ්‍රායල හමුදා වලට එරෙහිව විරෝධතා පා ගමනක් ද සංවිධානය කර ඇති යුතු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එසේම ඉතිරි ප්‍රාණ ඇපකරුවන් සුරක්ෂිතව ඊශ්‍රායලය වෙත ගෙන එන ලෙස ඔවුන් ඊශ්‍රායල රජයට බල කිරීමක් ද සිදු කරවා.


