ලොකු පොඩි, ගැහැණු පිරිමි මේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් නේ කොන්ඩේ යනවා කියන එක. සාමාන්‍යයෙන් දවසකට කොන්ඩ ගස් 100 ක් වගේ ප්‍රමාණයක් ගැලවිලා යන එක සාමාන්‍ය දෙයක්.
ඔයාගේ ඊට වඩා ටිකක් වැඩියෙන් කොන්ඩේ යනවා කියලා ඔයාට හිතෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයාගේ කොන්ඩේට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් අද මන් ඔයාට මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වෙයි.
අපේ ශරීරයට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැති වුණාම අපේ ශරීරය එයාගේ තියෙන වැදගත්ම ඉන්ද්රියයන් ඒ කියන්නේ හදවත, වකුගඩු, අක්මාව වගේ එවට් මුල් තැනක් දීලා ඒවායේ සුවතාව සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීම තහවුරු කරන්න කටයුතු කරනවා. එතකොට ඔයාගේ කොන්ඩේ ට යන පෝෂණ ප්‍රමාණය ඉතාම අවම වෙන නිසා කොන්ඩේ විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා ඒ තත්ත්ව මඟ හරවා ගන්න ඔයාට පුළුවන් මේ කියන කෑම ජාති ඔයාගේ ආහර වේලට හැකි උපරිමයෙන් එකතු කර ගන්න.
1. කැරට්
පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා විටමින් A සහ බීටා කැරොටින් ඌනතා හේතුවෙන් කොන්ඩේ තියෙන ශක්තිමත් බව නැති වෙලා ඉක්මනට කැඩිලා යන්න පුළුවන් කියලා. ඉතින් ඒ දෙකම ඔයාට ලේසියෙන් ඒ වගේම ගොඩක් ලොකු සන්ද්‍රනයකින් යුතුව ලබා ගන්න පුලුවාන් කෑමක් තමයි කැරට් කියන්නේ. කැරට් ග්‍රෑම් 100ක විටමින් A 16,000 IU ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනව. ඒ වගේම කැරට් වල තියෙන බයෝටින් අපේ කොන්ඩේ හැදිලා තියෙන ප්‍රෝටීන් වර්ගය වන කෙරටීන් නිෂ්පාදනය වේගවත් කරන්නත් උදව් වෙනවා.
පිරිමි අයගේ කොන්ඩේ යන ප්‍රධානම හේතුවෙන් ලෙස හඳුනා ගෙන තියෙන DHT නිෂ්පාදනය අඩාල කරන්නත් මේ කැරට් වලට පුළුවන්. ඒ වගේම විටමින් A , K සහ E වගේම ප්‍රතිඔක්සිකාරකත් කැරට් වල තියෙන නිසා කොන්ඩේට වගේම ඔයාගේ සමටත් කැරට් කියන්නේ හොඳ කෑමක්.
ඔයාට කැරට් සලාද විදිහට වගේම ව්‍යංජන හදලා ත් කන්න පුළුවන්. හැබැයි ඉතින් අමුවෙන් ඒ කියන්නේ කැරට් සලාද විදිහට කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දෙහි බිංදු ටිකක්, ලුණු, සහ ගම්මිරිස් එක්ක මේ කැරට් සලාද ඔයාට හදලා කන්න පුළුවන්.

2. කරපිංචා
කරපිංචා වලට කොන්ඩේ කැඩෙන එක අවම කරන්න වගේම කොන්ඩේ හොඳ ලස්සනට තියා ගන්න උදව් කරනත් පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා. කරපිංචා වල තියෙන විටමින් B සාහ ප්‍රතිඔක්සිකාරක නව සෛල ඇති වීම වේගවත් කරනවා වගේම අපේ හිස් කබලේ රුධිර ගමනාගමනයත් හොඳින් සිදු වෙන්න උපකාර කරනවා. ඒ නිසා ඔයාගේ කොන්ඩේ යනවා නම්, මහත නැත්නම් කරපිංචා කියන්නේ ඔයා දිනපතා ආහාරයට එක්කර ගන්නම ඕනි දෙයක්. ඒ වගේම අපේ හිස් කබලේ ෆයිබර් තන්තු ශක්තිමත් කරන්න මේ කරපිංචා වල තියෙන ඇමයිනෝ අම්ල උදව් වෙනවා.
ඔයාට කරපිංචා කෑමට එකතු කර ගන්න පුළුවන් වාගේම අමුවෙන් උනත් කන්න පුළුවන්. අමුවෙන් කනවා නම් කරපිංචා කොළ පහක් වගේ කටේ දා ගෙන විනාඩි 2 ක් වගේ හොඳට හපන්න පුළුවන්. හැබැයි වැඩේ නම් ටිකක් අමාරුයි. ඔයාට ඕනි නම් පුළුවන් කරපිංචා කොළ ටිකක් අර ගෙන බ්ලෙන්ඩර් කරලා කරපිංචා powder එකක් හදා ගෙන ඒක කෑමට එකතු කර ගන්න.

3. නෙල්ලි
නෙල්ලි කියන්නේ අපේ හිස් කබලට වගේම කොන්ඩේට හරිම හොඳ ආහාරයක්. හාවන් සහ මීයන් යොදා ගෙන කරපු පරීක්ෂණයක දී හෙළි වෙලා තියෙනවා නෙල්ලි තෙල් වලට පුළුවන් කියලා එයාලගේ තියෙන ඒ රෝම වැඩෙන එක වේගවත් කරන්න. ඉතින් ඒ නිසාම තමයි අද නෙල්ලි මිශ්‍ර ෂැම්පු, තෙල් වගේ ගොඩක් දේවල් වෙළඳපොලේ ගන්න තියෙන්නේ. නෙල්ලි වල තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් හිසකෙස වර්ධනය වේගවත් කරනවා වගේම hair follicles වල ක්‍රියාකාරිත්වය වැඩි කරන්නත් උදව් වෙනවා කියලා. ඒ වගේම මේ නෙල්ලි වලටත් පුළුවන් අර මන් කලින් කිව්වා DHT කියන එක block කරලා කොන්ඩේ යන එක අවම කරන්න උදව් වෙන්න.
නෙල්ලි ටිකක් ඇඹුල් උනාට ඔයාට පුළුවන් නෙල්ලි ජූස් එකක් හදා ගන්න. හැබැයි මේක පැණි රස වෙන්න සීනි නම් එකතු කරන්නේ නැති තරමට හොඳයි. මි පැණි හෝ කිතුල් හකුරු වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා උයනකොට ඔයාට පුළුවන් අමු නෙල්ලි ගෙඩියක් ඒ ව්‍යංජන වලට එකතු කරන්න.
4. ආමන්ඩ්
ශ්‍රී ලංකාවේ නම් ආමන්ඩ් කියන්නේ ටිකක් මිලෙන් අධික කෑමක්. කොහොම උනත් ඔයාට හොයා ගන්න පුළුවන් නම් ආමන්ඩ් කියන්නේ කොන්ඩේට ගොඩක් හොඳ කෑමක්. ආමන්ඩ් වල ගොඩක් ලොකු ප්‍රතිශතයකින් බයෝටීන් අඩංගු වෙලා තියෙනවා. ඉතින් නෙල්ලි තෙල් වගේම ආමන්ඩ් තෙල් කියන්නෙත් කොන්ඩේ ඉක්මනින් වවා ගන්න හොඳම ප්‍රතිකාරයක්. ඒ වගේම ආමන්ඩ් වල තියෙන ඔලෙයික් අම්ල සහ ලිනොලේයික් අම්ල වගේ මේද අම්ල DHT blockers ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ආමන්ඩ් වල අඩංගු විටමින් E කොන්ඩේ යන එකට හොඳ විසඳුමක්.
ඔයාට ආමන්ඩ් නම් වතුරේ පැය කිහිපයක් පෙගෙන්න තියලා එකේ පොත්ත ඉවත් කර ගෙන කන්න පුළුවන් නිකම්ම. එහෙම නැත්නම් ආමන්ඩ් තෙල් වගේම ආමන්ඩ බටර් ඔයාට ආහාරයට එකතු කර ගන්න පුළුවන්.
ඉතින් අද අපි මේ කතා කරපු කෑම වර්ග ඒ කියන්නේ ආයෙම මතක් කළොත් කැරට්, කරපිංචා කොළ, නෙල්ලි සහ ආමන්ඩ් ඔයාට පුළුවන් දිනපතා ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න.
මේ දේවල් සති කිහිපයක් එක දිගට ආහාරයට එකතු කර ගන්නකොට අනිවාර්යයෙන් ඔයාට ඔයාගේ කොන්ඩේ වෙනසක් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ආමන්ඩ් බටර්, නෙල්ලි ජූස් වගේ දේවල් ඔයා හදා ගනන්වා නම් සීනි එහෙම ටිකක් අඩුවෙන් ඒවාට එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි.
එහෙනම් තවත් මේ වගේ ලස්සන වැදගත් article එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න..
බුදු සරණයි

