පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.
මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසට සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

