දෙසැම්බරයේ ආකර්ශනීයම උල්කා වර්ෂාව අද

මිථුන රාශිය පසුබිම් කරගත් උල්කා වර්ෂාවක් වන Geminids හි උච්චතම අවස්තාව අද නිරීක්ෂණය කළ හැකි වනවා.

අද අමාවක දිනයක් බැවින් හඳ එළියේ බලපෑමක් නොවන අතර පැහැදිලි අහසක් ඇත්නම් පැයකට උල්කාපාත 120 ක් දක්වා දැක ගැනීමේ හැකියාවක් පවතින බවයි NASA ආයතනයට ඇස්තමේන්තු කරන්නේ.

3200 Phaethon නම් ග්‍රාහකය නිසා මෙම උල්කාපාත වර්ෂාව ඇති වනවා. එය දින 524 ක ආවර්ත කාලයක් සහිතව සූර්යයා වටා කක්ෂ ගතව ඇති Near earth ඛාණඩයේ ග්‍රහකයක් ලෙසයි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 12.30ට පමණ මෙම උල්කාපාත වර්ෂාව ඉතා පැහැදිළිව දැකබලා ගැනීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත.