2023 වසර තුළ රුපියල් බිලියන 19ක පමණ ලාභයක් ඉපයීමට කොළඹ වරාය සමත්ව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
පසුගිය කාල සීමාව තුළ කොළඹ වරායට මගී නෞකා කිහිපයක් පැමිණීමත් සමඟ මේ වන විට කොළඹ වරායේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහුමේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.
එසේම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව මේ වනවිට ආයෝජකයින් 6 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව ද මෙහි දී අනාවරණය වුණා..
ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගෙන සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු එළැඹෙන මැයි මාසයේදී සිදුකිරීමට හැකි වනු ඇති බව යි හෙතෙම සඳහන් කරන්නේ.

