තැපැල් සේවකයන් යළිත් වර්ජනයක

අද (10) පස්වරු 04 සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ නුවරඑළිය, මහනුවර ඇතුලු තැපැල් කාර්යාල විකිණීම, රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තැපැල් සේවකයින් 2700 කට අධික සංඛ්‍යාවක් මේ සඳහාඑක් වීමට නියමිත බවයි.