Facebook සහ Messenger පණිවිඩ වල ආරක්ෂාව තවත් වැඩි වෙයි

සියලුම Facebook සහ Messenger කතාබස් (chats) ස්වයංක්‍රීයව සංකේතනය වන ලෙස (encrypt) සකසා ඇති බව ඒවායේ හිමිකාරිත්වය දරන Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව යවන පණිවිඩ සහ ඇමතුම් ආදිය ඒවා යවන්නා සහ ලබා ගන්නා තැනැත්තාට පමණක් කියවිය හැකි වනවා.

මින් පෙර මෙම encrypted messages විශේෂාංගය පරිශීලකයන්ට කැමති නම් පමණක් සිය පණිවිඩ සඳහා activate කර ගැනීමේ පහසුකම සලසා දුන් නමුත් දැන් එය default එකක් ලෙස සියලු chats සහ calls සඳහා අනිවාර්යයෙන් active වනු ලබනවා.

Meta සමාගමේ මෙම පියවර එංගලන්ත රජයේ සහ පොලිසියේ විවේචනයට ලක්වා ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ මෙලෙස Messenger හි chats encrypt කිරීම හරහා ළමා අපයෝජකයන් හඳුනා ගැනීම දුෂ්කර වනු ඇති බවයි.

එසේම Meta සමාගම සතු තවත් සමාජ මාධ්‍ය යෙදවුමක් වන Instagram වලට chats ලබන වසරේ දී මෙලෙස encrypt කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වෙනවා.