පළමුව වැඩි කළ යුත්තේ ජනතාවගේ වැටුපයි – මහින්ද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඒ මත්තේගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනුයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බවයි හෙතෙම අවධාරණය කළේ.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා,

“ලබන වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙනවා.එය ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියලා දැම්ම කියන්න බෑ. නමුත් මැතිවරණයක් අනිවාර්යයෙන්ම ලබන වසරෙදි පැවැත්වෙනවා. ඒ සඳහා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසුවනවා.”