හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත් හිටවෙනු ඇත.

අඹතලේ ජල සම්පාදන ඒකකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බවයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.