ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ තුන්වන තැනට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
මෙම ලයිස්තුවේ පළමුවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රවී බිෂ්නෝයිටයි.
ඒ ඔහු ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන්.
ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් මෙම ලයිස්තුවේ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා ක්‍රීඩක මතිෂ් තීක්ෂණ මෙම ලයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවනවා.

