ලුණුගල බිබිල A5 මාර්ගය වසා දමයි

පවතින අධික වර්ෂාවත් හේතුවෙන් ලුණුගල බිබිල A5 මාර්ගය වසා දමා තිබෙනවා.

ඒ එම කොටසට බෑවුම් කඩාවැටීමේ අවධානම් තත්වය හේතුවෙනි.

මේ අතර හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි විශාල පස් කන්ද ගල් සමඟ මාර්ගයට කඩා වැටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයට පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.