පවතින ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරය යළි ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත් වනු ඇති බව එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් මෙම මානුෂික ව්‍යවසනය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කරනවා.
ඊශ්‍රායලය විසින් නොනවත්වා සිදු කරන ප්‍රහාර සහ මූලික අත්‍යවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් ගාසා තීරයේ මහජන සාමය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බවයි ඔහු අනුමාන කරන්නේ.
අන්තෝනියෝ ගුටේරස්ගේ මෙම ප්‍රකාශය ඊශ්‍රායල විදේශ අමාත්‍ය Eli Cohen විසින් හෙලා දැක ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ ගුටේරස්ලෝක සාමයට බාධා ඇති කිරීමට උත්සාහ කරන බවයි.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ළමුන් 7,000 ක් ඇතුළු 16,200කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

