නෙලුම් කුළුණේ කැරකෙන අවන්හල ලබන නවවන දා සිට

කොළඹ නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා යළි විවෘත වීමට නියමිත බව වාර්තා වනවා.

එදින පස්වරු 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන්කර සිටියා.

දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන මෙම අවන්හල දෙස් විදෙස් බොහෝ දෙනෙකුට නවමු අත්දැකීමක් වනු ඇත.

මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතිනවා.

මෙය දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වන අතර දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව පවතිනවා.