රටෙහි උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.
ඊයේ පැවති පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබෙනවා.
මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස්දහසේ සිට දෙලක්ෂ අනූ දෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී තිබෙන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
“දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා දැන් පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10කට කලින් දරුවන් තුන්ලක්ෂ හතළිස්දහසක් පාසල් ගත වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.”

