Messi වසරේ ක්‍රීඩකයා බවට පත් වෙයි

Time සඟරාව විසින් Athlete of the Year – 2023 ලෙස Inter Miami star වෙනුවෙන් ක්‍රීඩා කරන පාපන්දු තරුවක් වන ලයනල් මෙසී නම් කර තිබෙනවා.

එසේම ඔහු විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී 08 වැනි වරටත් Ballon d’Or සම්මානය ද දිනා ගනු ලැබුවා.

මෙසී Athlete of the Year සම්මානය දිනා ගත් පළමු ඇමරිකානු නොවන ක්‍රීඩකයා බවයි සඳහන් වෙන්නේ.

Lionel Messi ජූලි මාසයේදී මියාමි සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන ලීග්ස් කුසලානයේදී සියලු තරඟ 14 කදී ගෝල 11ක් ලබා ගැනීමට සමත් වුණා.

Time සඟරාව වැඩිදුරටත් පැවසුවේ Messi නිසාවෙන් ක්‍රීඩා නැරඹීමට පැමිණීම, ප්‍රවේශපත්‍ර මිල, වෙළඳ භාණ්ඩ අලෙවිය සහ නරඹන්නන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

2019 වසරේ සිට මෙම Athlete of the Year සම්මානය ප්‍රදානය කිරීම සිදු වන අතර පහතින් දැක්වෙන්නේ එම සම්මානය මේ වන විට දිනා ගෙන ඇති ක්‍රීඩකයන් ලයිස්තුවයි.

2019 – එක්සත් ජනපද කාන්තා ජාතික කණ්ඩායම (පාපන්දු)
2020 – ලෙබ්‍රොන් ජේම්ස්
2021 – සිමෝන් බයිල්ස්
2022 – ආරොන් විනිසුරු
2023 – ලයනල් මෙසී