විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා තිබෙන්නේ විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බවයි.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බවත්, විදුලිය විසන්ධි කිරීමක් සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවත් එහි පෙන්වා දී තිබෙනවා.
ලංවිම විසින් 2016 වසරේ සිට 2023 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ සිදුකළ විදුලිය විසන්ධි කිරීම් සහ නැවත සම්බන්ධ කිරීම්වල විස්තර පහත සඳහන් වනවා.

සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබාගන්නා බවත් ඒ අනුව 2023 දී 544,488ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර තිබීම 2019 වසර හා සැසඳීමේ දී සාමාන්‍ය තත්ත්වයක් බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ.
2023 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු හිඟ මුදල මාසවලින් පහත වගුවේ දක්වා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බව ද පෙන්වා දී ඇති එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බව ද සඳහන් කර ඇත.
එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලබන බවත් මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි බව ද විදුලිබල මණ්ඩලය පවසනවා.

