දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයේ සංශෝධනවලට අනුරූපව දඩ මුදල් ද වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබුවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට මේ වන විට නීතිපති අවසරය ලැබී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබෙනවා

මෙම යෝජනාව අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා..