දකුණු ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකින් ඉවත් වන ලෙස දැනුම් දීමක්

යුධ ටැංකි සහ හමුදා විසින් වඩාත් දරුණු ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට මත්තෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයෙන් ඉවත් වන ලෙසට ඊශ්‍රායල හමුදා අනතුරු අඟවා තිබෙනවා.

දැනටමත් බොහෝ මිනිසුන් ප්‍රමාණයක් රැඳී සිටින ගාසා තීරයේ දකුණු සහ බටහිර ප්‍රදේශ වල පිහිටි ස්ථාන තුනක් වෙත ගමන් කරන ලෙසයි එම වැසියන්ට දැනුම් දී තිබෙන්නේ.

මේ වන විටත් ඊශ්‍රායල හමුදා විසින් දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයට ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම දැනට ඊශ්‍රායල හමුදා ඇතුළු වී ඇති භුමි ප්‍රදේශ වල වැසියන්ට තමන් රැඳී සිටින ස්ථාන වලින් පිටතර නොඑන ලෙස අවධාරණය කර තිබෙනවා.

ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සියල්ල කපා දමා ඇති මොහොතක මෙලෙස ගාසා තීර වැසියන්ට සිට ස්ථාන වලින් ඉවත්ව වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමට යැයි පැවසීමෙන් ඔහුන් දැඩි අපහසුතාවයාට පත්ව තිබෙනවා.