වතු කම්කරුවන්ටත් ස්ථිර ලිපින

ඉතිහාසයේ ප්‍රථම වතාවට වතු කම්කරුවන්ට ස්ථිර පදිංචි ලිපින ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

කුරුණෑගල මාවතගම නුවර කන්ද වතුයායේ කම්කරු නිවෙස්වලට ලිපින ලබා දීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් සිදු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තීරණයත් සමඟ අදාළ පෙත්සම් විභාගය අවසන් කෙරිණි.