ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය කඩිනමින් සංවර්ධනය කරන ලෙස උපදෙස්

රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙහි අරමුණ ලෙස අමාත්‍යාංශය දක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලු‍ම ඖෂධ මෙරට නිෂ්පාදනය කර තත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලට ජනතාවට ලබාදීම යි.

මේ වනවිට රටට අවශ්‍ය ඖෂධ වලින් 20% ක් රට තුළ නිෂ්පාදනය කරනු ලබනවා.