ගත වූ මාස නවයේ රාජ්‍ය ආදායම සහ ප්‍රදාන බිලියන 2,118.8 දක්වා ඉහළට

2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9 තුළ දී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 1,450.4 ට සාපේක්ෂව රුපියල් බිලියන 2,118.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම දෙසැම්බර් 01 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියලේ අතිප්‍රමාණ වීමක්ද දක්නට ලැබෙන බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 10.9% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 11.6% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 23.5% කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 5.5% කින් ද, යුරෝ මුදලට 8.3% කින් ද අතිප්‍රමාණ වී තිබෙනවා.