රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන තෙවැදෑරුම් රූපණ මාධ්‍ය සිය දක්ෂතාවෙන් අතික්‍රමණය කළ සුමින්ද සිරිසේන මහතා මිය යන විට 75 වන වියෙහි පසු වුණා.

හැටේ දශකයේ දී රංගනයට පිවිසි ඔහු මුහුදු පුත්තු වේදිකා නාට්‍යය හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් වුනා.

පසුව ඔහු අසූව දශකයේ ටෙලිනාට්‍ය රංගනයට පිවිසෙන අතර අසල්වැසියෝ, සිහින නිම්නය, හිරුට මුවාවෙන් ආදි ජනප්‍රිය නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දෙනු ලැබුවා.

සිනමාව වේදිකා නාට්‍ය සහ රූපවාහිනි තීරයේ විශිෂ්ට රංගනයක් දැක් වූ ඔහු අවස්ථා රැසකදී හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍රවී තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි සඳහන් වෙන්නේ.

ඒ මහතාගේ දේහයේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැත.