2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා.
ඒ අනුව ලබන 18 වනදා දක්වා සියලුම සිසුන්ට මාර්ගත ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමේ පහසුකම් ද මේ වන විට සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

