මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් බවට හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු නිවාරණ මාසයක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව රෝගීන් 72 දෙනෙකු පමණ වාර්තා වන බවත් මේ වන විට මහනුවර ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් 7,422 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවත් ය.
මේ වසර තුළ මේ දක්වා කාලයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 09ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මාසයේ මෙලෙස මහනුවර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

