සෙනසුරාදා පෙරවරු 9.35ට පමණ බංගලාදේශයේ ඩකා අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ කම්පනය තත්පර කිහිපයක් පැවති බවයි බංගලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කම්පනය හේතුවෙන් සිදු වූ හානි කිසිවක් වාර්තා වී නොමැත.
මෙහි අපිකේන්ද්‍රය කොමිලා ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය පොළොව අභ්‍යන්තරයේ සිට කිලෝමීටර 55 ක් පමණ ගැඹුරින් පිහිටා තිබෙනවා.

