මාසිකව සිදු වන ගෑස් මිල සංශෝධනය යටතේ මෙවර ලාෆ් ගෑස් මිල ගණන් වැඩි නොකිරීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 3,985 ක් ලෙස සහ කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595 කට අලෙවි කරන බවයි එම සමාගම කියා සිටියේ.

