දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා නිවේදනය කරනවා.
ඒ අනුව පසුගිය මාසයේ මිලටම මේ මාසයේ දීත් ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වනවා.
දැනට ලිට්රෝ ගෑස් මිල පහත පරිදි වේ.
කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් – රු.3,565
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක් – රු. 1,431
කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් – රු. 668

