නේපාලයේ පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම විවාහය සිදු වී ඇත්තේ නේපාලයේ බටහිර ලුම්ජුං දිස්ත්‍රික්කයේ පදිංචි තිස්පස් හැවිරිදි මායා ගුරුන්ග් සහ විසිහත් හැවිරිදි සුරේන්ද්‍ර පාණ්ඩේගේ අතරයි.
සමලිංගික ජෝඩුවලට තම විවාහ ලියාපදිංචි කිරීමට අවසර දෙමින් නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් මාස පහකට පමණ පසු මෙලෙස පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කරනු ලැබුවා.
මායා ගුරුන්ග් යනු සංක්‍රාන්ති ලිංගික කාන්තාවක වන අතර සුරේන්ද්‍ර පාණ්ඩේගේ උපතින්ම පිරිමි පුද්ගලයෙක් වනවා.
නේපාලයේ LGBT අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනිල් බාබු පාන්ට් පවසා ඇත්තේ මෙය LGBTQ+ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ විශාල පියවරක් බවයි.

