ජනපති රාජකීයයන් සමඟ පිළිසඳරක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.

එහි එක පියවරක් ලෙස අද කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

එහි දී ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කළේය.

කොල්වින් ආර් ද සිල්වා මහතා සහ ජේ.ආර් ජයවර්ධන මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත්ව සිටි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද පැවසීය.

එසේම වර්තමානයේ ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී සිහිපත් කරනු ලැබුවා.

PMD News

PMD News