රත්රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දින දේශීය වෙළඳපොලේ හි රත්රන් මිලේ ඉහළ යාමක් වාර්තා වන බව පිටකොටුව රත්තරන් වෙළෙන්දන් සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 24 රන් පවුමක මිල රු.190,700.00 ලෙස සටහන් වී තිබෙනවා.

එසේම කැරට් 22 රන් පවුමක මිල රු.174,850.00ක් ලෙස සහ කැරට් 21 රන් පවුමක් රු.166,900.00ක් ලෙස වාර්තා වෙනවා.

අද දිනයේ ලෝක වෙළඳපොලේ රන් පවුමක මිල සටහන් වී තිබුනේ ඇමරිකානු ඩොලර් 1900.15ක් ලෙසයි.