සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින තුන ඇතුළත

2022(2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

අද කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එසේම 2023 වසර අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.