හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වූ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව කටාර් රාජ්‍ය පවසනවා.
ඊශ්‍රායලය විසින් පෙර එකඟ වූ පරිදි හමාස් සංවිධානය විසින් නිදහස් කරන සෑම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සඳහාම දිනක සටන් විරාමයක් ලබා දීමේ කොන්දේසිය යටතේ මෙම දීර්ඝ කිරීම සිදු කර තිබෙනවා.
සටන් විරාමය පැවති පසුගිය දින තුන තුළ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 39 දෙනෙක් නිදහස් කර තිබෙනවා.
එසේම ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 117 දෙනෙක් ද නිදහස් කර තිබෙනවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

