ක්‍රීඩා සහ වාර්මාර්ග අමාත්‍ය ධුර පුරප්පාඩු සඳහා නව ඇමතිවරු

ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතාව සිය අමාත්‍යධුර වලින් ඉවත්කිරීමත් සමඟ පුරප්පාඩු වූ තනතුරු සඳහා නව අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා.

එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබෙනවා.

ඔවුන් දැනට දරන අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මෙම අමාත්‍ය ධුරවල ද මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.