විපක්ෂයට බලය ලබා ගැනීමේ හොඳම මාර්ගය ජනපති කියයි

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමන් රට ගොඩනඟන්නේ තමන් වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව යි.

මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බව පැවසු ජනාධිපතිවරයා මෙහි දී රටේ සියලු දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහායද කෘතවේදීව සිහිපත් කළ බවයි වාර්තා වෙන්නේ.