ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.
එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බවයි.
රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.
සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කළා.

