සිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධ යෝජනාව සඳුදා කැබිනට්ටුවට

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ගෙන ආ යෝජනාවට ලබන සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ සඳහා ආයෝජනය කෙරෙන මුදල ඩොලර් බිලියන 4.5ක් බවයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.