ඩබ්ලින් නුවර කලහකාරී තත්ත්වයක්

අයර්ලන්තයේ අගනුවර වන ඩබ්ලින් නුවර විශාල කලහකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි පාසලක් අසල සිදු වූ පිහි ඇනුමක් හේතුවන් පාසල් ළමුන් තිදෙනෙක් සහ ගුරුවරයෙකු තුවාල ලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

අයර්ලන්ත පොලිසිය සඳහන් කරන්නේ මෙම කලහකාරී හැසිරීම හේතුවෙන් නගරයේ වෙළඳසල් 13කට සහ පොලිස් වාහන 11කට දැඩි හානි සිදු වූ බවයි. එසේම ප්‍රහාර හේතුවෙන් බස් රථ 03ක් සහ ට්‍රෑම් රථයක් ද විනාශ වී තිබෙනවා.

පැය 03ක් පමණ පැවති මෙම ප්‍රචණ්ඩ සහ කලහකාරී හැසිරීම් හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

A burned out Luas tram on O'Connell Street in Dublin
ගින්නෙන් විනාශ වුණු ට්‍රෑම් රථය

An Asics sports clothing store with a broken window

Police car being damaged in Dublin

Dublin city clean up operation