රටවල් 06කට වීසා නොමැතිව චීනයේ සංචාරයට අවස්ථාව

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා වීසා රහිතව චීනයට ඇතුළු වීමට ඉඩ දීමට චීන රජය තීරණය කර තිබෙනවා.

මෙය පළමුවෙන් ම වසරක කාලයක් සඳහා අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ

ලබන දෙසැම්බර් මාසයේ සිට 2024 වසරේ නොවැම්බර් 30 දක්වා කාල සිමාවේ දී ඉහත රටවල වලංගු විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට දින 15ක් දක්වා වීසා නොමැතිව චීනයේ සංචාරය කළ හැකි වනවා.

2019 වසරේ දී ඇති වූ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනය සංචාරක වීසා නිකුත් කිරීම නතර කළ අතර එය නැවත ආරම්භ කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේ දී යි.