ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඊයේ පවත්වනු ලැබුවා.
එහි දී වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සම්මත වී ඇති බවයි වාර්තා වෙන්නේ.
එයට පක්ෂව ඡන්ද 62ක් සහ විපක්ෂව ඡන්ද 03ක් ලැබී තිබෙනවා.
අයවැයෙන් හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමිනුයි අනුර දිසානායක මෙලෙස ඡන්දයක් ඉල්ලා සිටියේ.
එසේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිට නැහැ.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(22) දවස පුරා විවාදයට ගෙන තිබෙනවා.

