යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය තවමත් පුරප්පාඩුව පවතින බව යුද හමුදා මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
මින් පෙර එම ධුරය දැරූ මේජර් ජනරාල් සංජය වනසිංහ මහතා විශ්රාම යෑමෙන් පසු දැනට මාස එකහමාරක කාලයක් යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය පුරප්පාඩුව පවතින බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට නිලධාරියෙකුගේ නමක් යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරයට පත්කිරීම සඳහා නිර්දේශ කර ඇති අතර අදාළ පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු වනවා.
කෙසේවෙතත් ඒ සඳහා තවමත් පියවර ගෙන නොමැති බව සඳහන්.
යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය යුද හමුදා පරිපාලන කටයුතුවල ඉහළම තනතුර වන අතර ඒ සඳහා නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් ද මතුව තිබෙන බවයි වැඩිදුරට වාර්තා වෙන්නේ.

