2022 – 2023 මහ කන්නයේ දී කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කිරීමෙන් වී මෙට්‍රික් ටොන් 5,000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දැනට වෙළෙඳපළේ පවතින කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟය වෙළෙන්දන් කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 8ක වී වගා කළ අතර එම වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ අතිරික්තයක් රට තුළ තිබිය යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

