ඉදිරි පැය 3 සිට පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 100කට වැඩි සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතිනවා.
මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථවාහනවල රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

