පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව,
- රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොළ, ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක සහ කොළොන්න ප්රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන ද,
- බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල ප්රදේශයට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් ද,
- මහනුවර දිස්ත්රික්කයේ දෙල්තොට ප්රදේශය සඳහා පළමු මට්ටමේත් දොළුව සහ පස්බාගේ කෝරළේ සඳහා දෙවන මට්ටමේත් අනතුරු ඇඟවීමක් ද,
- නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ ප්රදේශය සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,



