උඩරට මාර්ගයේ දුම්රිය ගමන් කිරීම සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට නැවත දැනුම්දෙනතුරු උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය වනු ඇත.
අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

