ඊශ්‍රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ කොන්දේසි ආදිය, සටන් විරාමයක් සඳහා වන සාකච්ඡාවල මැදිහත්කරු වන කටාරය වෙත යවා ඇති බවයි ඔහු පවසන්නේ.
හමාස් ප්‍රකාශකයෙකු අල් ජසීරා වෙත පවසා ඇත්තේ සටන් නැවැත්වීමේ කාලසීමාව, ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට හිලව් ලෙස හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු පිළිබඳව කටාර් හි පවත්වන සාකච්ඡා කේන්ද්‍රගත වී ඇති බවයි.
මෙම සටන් විරාමය සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් කිසිසේත් සටන නොනවත්වන බවයි.
උතුරු ගාසා තීරයේ වූ ජම්බාලියා සරණාගත කඳවුර සම්පූර්ණයෙන් වට කර තිබෙනවා.
නවතම වාර්තා වල අනුව ගාසා තීරයේ ළමයින් 5,000ක් ඇතුළු මුළු පුද්ගලයන් 13,300කට අධික සංඛ්‍යාව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

