අයවැය දෙවන වර කියවීම සම්මත වෙයි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී ලබන වසරේ අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ලැබී තිබෙනවා.

ඒ අනුව 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මත වූ බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.