සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
සීනි සඳහා පනවා තිබූ පාලන මිල ගණන් මෙසේ ය,
සුදු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් – රුපියල් 275ක්
සුදු සීනි පැකට් කළ කිලෝග්රෑම් එකක් – රුපියල් 295ක්
දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් – රුපියල් 330ක්
දුඹුරු සීනි පැකට් කළ කිලෝග්රෑම් එකක් – රුපියල් 350ක්
නව ගැසට් නිවේදනය මගින් මෙම මිල ගණන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


