2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ ඉන්දියානු කණ්ඩායමයි.
එහි දී ඉන්දීය කණ්ඩායමේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට විරාට් කෝලි සමත් වුණා.
කෝලි පන්දු 63කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 50ක් රැස් කර ගනිමින් සිය සිය 72වන අර්ධශතකය වාර්තා කිරීමට සමත් වුණා.
එසේම ඉන්දීය කණ්ඩායමේ රාහුල් විසින් ලකුණු 66ක් රැස් කර ගැනීමට සමත් වුණා.
මේ සමඟම ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 240 කි.

