ගාල්ල මාගල්ල කච්චිවත්ත පුරාණ මුස්ලිම් පල්ලිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීම අද සිදු කෙරෙනු ලැබුවා.
ඒ සඳහා සංවිධානය කර තිබූ උත්සවයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වූ අතර එහි දී පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ සමාරම්භය සනිටුහන් කරමින් මුස්ලිම් පල්ලියේ ඉතිහාසය විස්තර කෙරෙන සමරු ඵලකයක් ද අමාත්‍යවරයා අතින් විවෘත කරනු ලැබුවා.
සංවර්ධනය සහ ජාතික සමගිය උදා කර ගැනීම සඳහා සියලු ආකාරයේ අන්තවාදය සහ ස්වෝත්තමවාදය අතහැර ශ්‍රී ලංකාව එකම ජාතියක්, එකම ජනතාවක් ලෙස සිතිය යුතු කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
එසේම ඔහු සඳහන් කරන්නේ ජාතින් අතර සමඟියේ සහ රටේ දියුණුවේ පළමු පියවර තමන් විසින් තැබිය යුතු අතර තමන් එසේ නොකර අනෙක් අයට චෝදනා කිරීම සිදු නොකළ යුතු බවයි.



